මරියානා අගාධයේ ඉන්න අද්භූත ජීවින් මෙන්න

මරියානා අගාධයේ ඉන්න අද්භූත ජීවින් මෙන්න.
මිහිතලයේ භූ විෂමතාව ගැන සඳහන් කරන බොහෝ අවස්‌ථාවන්වලදී අප කතා කරනුයේ ගොඩබිම පිළිබඳවය. එහි ඇති විවිධ වෙනස්‌ ස්‌ථාන කඳු, සානු, නිම්න, කුහර පිළිබඳවය. ගොඩබිම පිහිටි උසම ස්‌ථානය ලෙස හිමාල කඳු පන්තියේ එවරස්‌ට්‌ කඳු මුදුන චිර ප්‍රසිද්ධය. නමුත් අප සාගර භූතලය ගැන කතා කරනුයේ මඳ වශයෙනි. සාගරයේ ද විශාල භූතල පිහිටීම්වල වෙනස්‌වීම්, විෂමතා දක්‌නට ලැබෙන අතර ඒවා සාගර දියකඳ විසින් සඟවාගෙන රහසේ තබා ගනී. සාගරයෙහි ගැඹුරුම තැන පිළිබඳව යළිත් ලොව කතා බහ කරන්නට, පසුගියදා පටන්ගත්තේ එහි තිබී සොයාගත් විශේෂිත මත්ස්‍යයකු හේතුවෙනි.
මෙන්න ඒ සතුන් පිලිබඳ වීඩියෝව

Search This Blog

  • ()